Gatpawi is the stone Buddha statue built during Silla era (7th Century AD) in the historical Buddhist temple on top of a peak of Mt. Palgong, in Gyeongsang-buk-do province, South Korea. This Buddha is 4 meters in height and the hat is 15 centimeters in thickness. I visited this temple in fall season.
කප්පාවි (කප්පායි) යනු කොරියාවේ ක්යොන්සන්බුක්දෝ පළාතේ පල්ගොන්සන් කන්දේ පිහිටි ඓතිහාසික බෞද්ධ විහාරයේ තිබෙන ශෛලමය බුද්ධ ප්‍රතිමාවයි. මෙම බෞද්ධ විහාරය පිහිටි කඳු මුදුන අඩි 2790 ක් උසය.
ක්‍රි.ව 07 වන සියවසට දිවෙන සිලා රාජ යුගයේ ඉදිකර ඇති මෙම ප්‍රතිමාවේ ඇති විශේෂත්වය නම් එම බුද්ධ ප්‍රතිමාවේ බුදුන්ගේ සිරසට සම්බන්ධ කොට, ගලින්ම හිස්වැස්මක් නෙළා තිබීමයි. මීටර් 4 ක් උසෑති මෙම බුද්ධ ප්‍රතිමාවේ සෙල්මුවා හිස් වැස්ම අඟල් හයක ඝනකමින් යුක්තය. යහළුවන් කිහිප දෙනෙකු සමග මා මෙහි සංචාරය කළේ සරත් ඍතුවේය.



















































No comments:
Post a Comment