දෙසැම්බර් මාසයෙන් ඇරඹ, පෙබරවාරි මාසයෙන් අවසන් වන කොරියාවේ සීත ඍතුවේ සීතල අධිකම මාසය සාමාන්‍යයෙන් ජනවාරි මාසයයි. විශේෂයෙන්ම දකුණු කොරියාවේ උතුරට වන්නට පිහිටි සොවුල් අගනුවර, ගිම්පෝ, උජම්බු ආදී නගරවල උෂ්ණත්වය ජනවාරි මාසයේ ඇතැම් දිනවල ඍණ 18 ක හෝ ඍණ 20 ක පමණ අගයක් ගනු ලැබිය හැකිමුත්, දකුණු කොරියාවේ පහළ ප්‍රදේශවලට එතරම් පහළ අගයක සීතලක් වාර්තා නොවේ.
පහළින් තිබෙන්නේ ක්යොන්සන්බුක්දෝ පළාතේ යොංචොන් නගරයේ චේසින්දොං ග්‍රාමීය කලාපයේ දෙසැම්බර් මාසයේ ඍණ 6ක පමණ උෂ්ණත්වයකදී වැව් අමුණු මිදී ඇති ආකාරයයි.


















