Monday, December 21, 2020

Frozen Tank- සීතලට මිදුණු වැවක්

 දෙසැම්බර් මාසයෙන් ඇරඹ, පෙබරවාරි මාසයෙන් අවසන් වන කොරියාවේ සීත ඍතුවේ සීතල අධිකම මාසය සාමාන්‍යයෙන් ජනවාරි මාසයයි. විශේෂයෙන්ම දකුණු කොරියාවේ උතුරට වන්නට පිහිටි සොවුල් අගනුවර, ගිම්පෝ, උජම්බු ආදී නගරවල උෂ්ණත්වය ජනවාරි මාසයේ ඇතැම් දිනවල ඍණ 18 ක හෝ ඍණ 20 ක පමණ අගයක් ගනු ලැබිය හැකිමුත්, දකුණු කොරියාවේ පහළ ප්‍රදේශවලට එතරම් පහළ අගයක සීතලක් වාර්තා නොවේ. 

පහළින් තිබෙන්නේ ක්යොන්සන්බුක්දෝ පළාතේ යොංචොන් නගරයේ චේසින්දොං ග්‍රාමීය කලාපයේ දෙසැම්බර් මාසයේ ඍණ  6ක පමණ උෂ්ණත්වයකදී වැව් අමුණු මිදී ඇති ආකාරයයි.   












Monday, December 14, 2020

Dongdaegu Train Station-මලින් සැරසි දවසක තොංතේගු දුම්රිය ස්ථානය

දකුණු කොරියාවේ විශාලතම නගර අතරින් එකක් වන තේගු නගරයේ නැගෙනහිර නාගරික ප්‍රදේශය තොංතේගු නමින් හැඳින්වේ. 

උමංදුම්රිය, අධිවේගී සහ සාමාන්‍ය දුම්රිය සේවා ක්‍රියාත්මක මනස්කාන්ත තොංතේගු දුම්රිය ඉදිරිපිට විවිධ ඍතුවලදී විසිතුරු ස්වාභාවික මලින් සැරසිලි කර තිබෙනු මෙහි ආගිය බොහෝ අවස්ථාවල අප දැක තිබේ. මේ එවන් විසිතුරු අවස්ථාවකි. 



















Thursday, November 19, 2020

Chaeyaksan Hike-චෙයක්සන් කඳුතරණය

දකුණු කොරියාවේ ක්‍යොන්සන්බුක්දෝ පළාතේ යොංචොන් ප්‍රදේශයේ පිහිටි චෙයක්සන් කන්ද මා යහළුවන් සමග තරණය කළේ 2020 මාසයේය.  

දකුණු කොරියාවේ සිනමා සක්විති ලෙස සැළැකෙන අභාවප්‍රාප්ත ෂින්සොංඉල් මහතා සැඳෑ සමය ගතකළ නිසංසල පරිසරයක පිහිටි ඔහුගේ නිවස අසළින් ගමන් ඇරඹූ අපට මුහුණ දීමට සිදු වූ ප්‍රධාන දුෂ්කරතාව වූයේ අඩිපාරක් ලෙස තිබූ ගමන් මාර්ගය වල්බිහිවීම නිසා කිහිප විටක්ම යායුතු ගමන් මාර්ගය වැරදීමයි.

කෙසේ නමුත්, ගූගල් සිතියමේ පිහිටෙන් මෙම කඳුවැටියේ පිහිටි බෞද්ධ විහාරයේ දිශාවට ගමන් කිරීමෙන් අපට නිවැරදි මාර්ගය සොයා ගත හැකි විය.