Tuesday, September 3, 2019

Gyeongju columnar joints visit

Columnar joints are a geologic formation that can occur after a volcanic eruption, when lava boils out from the magma and quickly cools. When the magma rapidly cools, the sudden contraction causes pentagonal or hexagonal fractures (joints) to form on the surface. When the fractures that result from such cooling and contraction become elongated and develop in a vertical direction, they take the form of columns. That is why they are called columnar joints.

You can witness these columnar joints in 1.7 km long coastal area of Yangnam-myeon in Gyeongju.  Some stone columns are over 10 meters high and These columnar joints are said to have formed about 20 million years ago.  Following photos were taken when I visited this place last year. 

කොලම්නර් ජොයින්ට්ස් (Columnar joints) යනු ගිනිකඳු පිපුරුමකින් පසු සෙල්සියස් අංශක 1000° ට වඩා වැඩි උෂ්ණත්වයකින් ගලා එන ලාවා ක්ෂණයකින් සිසිල් වූ පසු ඇතිවන භූවිද්‍යාත්මක සැකැස්මකි. මෙලෙස ලාවා ඉතා වේගයෙන් සිසිලනය වූ පසු, නියං සමයක කුඹුරක මතුපිට පොළොව කොටස්- කොටස් ලෙස පැළෙන්නාක් මෙන්,  පංචාශ්‍රාකාර හෝ ෂඩාශ්‍රාකාර හැඩැති කොටස් ලෙස හැකිළීමකට ලක් වේ. ඒවා ස්තම්භාකාරව ඉහළට උස් වීම නිසා, මෙම භූවිද්‍යාත්මක සැකැස්ම "කොලම්නර් ජොයින්ට්ස්" යනුවෙන් හැඳින්වේ. (Columnar joints සඳහා සිංහල බසින් පාරිභාෂික පදයක් තිබේදැයි නොදනිමි)

දකුණු කොරියාවේ නැගෙනහිර මුහුදු තීරයේ ක්යොන්ජු යoනම් ප්‍රදේශයෙහි පිහිටි කොලම්නර් ජොයින්ට්ස් ද, එලෙස සකස් වූ ඒවා වන අතර, ඒ මීට වසර මිලියන 20කට පමණ පෙර සක්රීය වූ ගිනිකන්දකින් ගලාගිය ලාවා මුහුදු ජලය සමග මිශ්‍රව ඝනීභවනය වී පාෂාණ බවට පත්වීමෙනි. මුහුදු තීරය දිගේ කි.මී. දෙකක් පමණ යන තෙක් මෙම කොලම්නර් ජොයින්ට්ස් ඔබට දැකගත හැකි අතර, ඇතැම් තැන්වල මෙම කොලම්නර් ජොයින්ට්ස් මීටර් 10 කට වැඩි උසින් ඇත. මෙය භූ විද්‍යාව හදාරන්නෙකුට නම් කදිම අධ්‍යයන බිමකි.

මෑත කාලීනව දකුණු කොරියාවේ ලාවා ගලායන මට්ටමින් සක්රීය වූ ගිනිකඳු නැතත්, ජේජු දූපත සක්රීය ගිනිකන්දක් ලෙසින් සැලකේ. නමුත් එහිද අවසන් වරට ලාවා ගලාගොස් ඇත්තේ වසර 5000 කට පමණ පෙරය.  ඒ කෙසේවෙතත්, මේ අවට ක්යොන්ජු සහ පෝහාන් ප්‍රදෙශ ආශ්රිතව සෑම වසරකම පාහේ භූමිකම්පා
හටගනී.






















My lunch

Address: 양남주상절리 (columnar joints), Donghaean-ro, Yangnam-myeon, Gyeongju-si, Gyeongsangbuk-do

No comments:

Post a Comment